ඔලිම්පික් ක්‍රීඩා උළෙලක් නියෝජනය කිරීම සෑම ක්‍රීඩක ක්රීඩිකාවකගේම ජීවිතයේ එක් සිහිනයක් මෙන්ම සුවිසල් ජයග්‍රහණයක්ද වෙයි- ඒ විරල අවස්ථාව මේ වන විටත් උදා කර ගැනීමට හැකිවී ඇත්තේ ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකුට පමණකි. එහෙත් අනාගතයේදී ඔලිම්පික් ක්‍රීඩා උළෙළ සඳහා සුදුසුකම් ලබමින් එහි ජයග්රහණයන් ශ්‍රී ලංකාව වෙත ලබා දෙන්නට මෙරට තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ හැකියාවන් සහ දක්ෂතාවයන් ඔප් නැංවීම වෙනුවෙන් සුවිසල් පියවරක් පසුගියදා රිටිස්බරි විසින් ගනු ලැබීය.
ඒ ‘රිට්ස්බරි මව්බිමට වීරයෙක්’ වැඩසටහන මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත හඳුන්වා දීම තුළිනි. සී බී එල් ෆුඩ්ස් ඉන්ටනැෂනල් සමාගමයෙහි ප්‍රමුඛතම චොක්ලට් වෙළෙඳනාමය වන රිට්ස්බරි විසින් දියත් කරනු ලැබූ මෙම වැඩසටහනෙහි මුල් අදියර වශයෙන්, තෝරාගත් ජාතික මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 18 දෙනෙකු හට මුල්‍යමය දායකත්වය ලබා දෙන ලදී.